තොරතුරු සන්නිවේදන තාක්ෂණ ශිල්පී Online පාඨමාලාව
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායනය , ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය හා තෙළුල්ල සුභසාධක සංවර්ධන කේන්ද්‍රය විසින් මෙහෙය වනු ලබන ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලයේ නැණසල පරිගණක පුහුණු අංශය තුලින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ශිල්පී (ICT Technician NVQ L4) පාඨමාලාව Online ක්‍රමවේදයට හැදෑරීමට පුහුණුලාභීන් හට අවස්ථාව සලසා දී ඇත.
පුහුණුලාභීන්ගේ අධ්‍යන කටයුතු පහසු කිරීම සඳහාත්, ජාතික වෘත්තීය සුදුසකම් පස්වන මට්ටමේ (NVQ L5) පාඨමාලා හැදෑරීමට මුලික සුදුසුකම වන ජාතික වෘත්තීය සුදුසුකම් තුන්වන හෝ හතරවන මට්ටමේ (NVQ L3 / NVQ L4) නිපුණතාවය ලබා ගැනීම කඩිනම් කිරීම සඳහත්, මෙම පාඨමාලාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
(NVQ L3) ජාතික වෘත්තීය සුදුසුකම් තුන්වන මට්ටම ලබා ගැනීම සඳහා ආයතනික පුහුණු කාලය මාස තුනක් වන අතර ආයතනික පුහුණුව සාර්ථකව හදාරා අවසන් කළපසු තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන නිපුණතා පාදක ඇගයීම් වලට සහභාගී කරවා ජාතික වෘත්තීය සුදුසුකම් තුන්වන මට්ටමේ සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
(NVQ L4) ජාතික වෘත්තීය සුදුසුකම් හතර වන මට්ටම ලබා ගැනීම සඳහා ආයතනික පුහුණු කාලය මාස 06ක් වන අතර ආයතනික පුහුණුව අවසන් වී තවත් මාස හයක කාලයක් සේවස්ථ පුහුණුව අවසන් කළ පසු තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන නිපුණතා පාදක ඇගයීම් වලට සහභාගී කරවා ජාතික වෘත්තීය සුදුසුකම් හතර වන මට්ටමේ සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ